"මම ආස විදිහට ඇඳලා නිදහසේ පාරෙ යන්න සාමාන්‍යයෙන් චකිතයක් තියෙනවා. මිනිස්සු මොන විදිහට බලයිද කියලා බයයි. නැත්නම් වෙන කරදරයක් වේවි කියලා බයයි. ඒත් අපි Pride Walk එකේ දි ආස විදිහට ඇඳලා නිදහසේ විනෝදයෙන් යනවා. ඒ නිසයි මම Pride month එකට මේ තරම් කැමති," යනුවෙන් බීබීසී සිංහල සමඟ අදහස් ප්‍රකාශ කළේ LGBTQ+ ප්‍රජාව නියෝජනය කරන සංක්‍රාන්තික ලිංගික තරුණියක වන අශී කුමාර් විසින් ය. ඇය මේ වන විට 26 හැවිරිදි වියේ පසුවන අතර තවමත් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරමින් සිටියි.
ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය. (LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).
"නිදහසේ අභිමානී පාගමන - 2023"
මෙවර LGBTQ+ ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ පාගමන නම් කර තිබුණේ "නිදහසේ අභිමානී පාගමන - 2023" ලෙසයි. ජුනි 04 දින සංවිධානය කළ මෙම පාගමන කොළඹ දී පැවැත්වුණි. මේ සඳහා ප්‍රජාව නියෝජනය කරන සහ ඔවුන්ට සහය දක්වන පිරිසක් එක් ව සිටිය හ. දේදුණු වර්ණ කොඩිවලින් වර්ණවත් වී තිබූ පාගමනේ විවිධ විචිත්රාංග ද ඉදිරිපත් කෙරුණි.
පාගමනේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකවක් වන, සමාජ ක්‍රියාකාරී අයන්ති රාජපක්ෂ පැවසුවේ මෙවර පාගමනට පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබූ බවයි.
"පාගමන පවත්වන බව අපි මුලදිම පොලිස් මූලස්ථානය දැනුවත් කළා. පාගමන ආරම්භ කරනවිට පොලිසියෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දුන්නා. එහෙම සිදුවුණේ පළමු වතාවටයි," ඇය පවසයි.
මෙය ශ්‍රී ලංකාවේ පැවැත් වූ දෙවැනි Pride පාගමනයි.පසුගිය වසරේ දී පළමු වරට ඔවුන් ප්‍රසිද්ධ පාගමනක් "Pride Walk" සංවිධානය කර තිබුණි.
Play video, "LGBTQI ප්‍රජාව: 'අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා; උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්රශ්නය'", ධාවන කාලය 3,59
03:59
වීඩියෝ ශීර්ෂ වැකිය,
අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා; උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්රශ්නය'
"පළමු වරට මේ වගේ සමාජයට නිරාවරණය වෙන පාගමනක් අපි සංවිධානය කළේ පසුගිය වසරේ ජුනි මාසයේ දී. ඒ කියන්නෙ අරගලය පැවැත්වුණු කාලයේ දි. අපි බලාපොරොත්තු වුණාට වඩා විශාල ප්‍රමාණයක් ඒකට සම්බන්ධ වුණා වගේ ම අනෙක් අයගෙන් ඊට ලොකු සහයෝගයක් හිමිවුණා," යැයි අයන්ති පවසයි.
ඇය පෙන්වා දුන්නේ මීට පෙර ජුනි මාසය තුළ විවිධ රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම යටතේ විවිධ වැඩසටහන් සංවිධානය වූ නමුත් ඒවා මෙම පාගමන් දෙක තරම් ජනතා අවධානයට ලක්වන ලෙස සිදු කළ ඒවා නොවූ බවයි.
මෙවර පාගමනට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ සිටි විදේශිකයන් පවා එක් වූ බව ඇය පවසයි. "පාගමන දැකලා ඔවුන් ඇවිත් අපේ දේදුණු වර්ණ කොඩි ඉල්ලාගෙන අපිත් එක්කම පාගමනෙන් ගියා."
90 දශකයේ සිට සැමරෙන ශ්‍රී ලංකාවේ Pride සැමරුම්
"ශ්‍රී ලංකාව තුළ 1990 දශකයේ මැද භාගයේ වගේ සිට Pride සැමරුම් සංවිධානය වෙලා තිබුණත් ඒවා ගොඩක් වෙලාවට පුද්ගලික මට්ටමෙන් කළ ඒවා," යැයි එම ඉතිහාසය සම්බන්ධයෙන් දේශපාලන විද්‍යා ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන පසන් ජයසිංහ පවසයි.
"LGBTQ ප්‍රජාව නිතර ම නීතිමය පැත්තෙන් විවිධ හිංසනයන්ට ලක් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්ති ප්‍රකාරව තමන්ගේ ලිංගික අනන්‍යතාවය අපරාධයක් හැටියට සලකලා අත් අඩංගුවට පත් වෙන්න පවා සිදුවෙලා තියෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සේවාවල වුණත් ඔවුන්ට ඒවැනි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ ගැන සමාජයට කියන්න තමයි මේ සැමරුම කරන්නේ," ඔහු පවසයි.
"පසුගිය අවුරුද්දෙදි සමාජයේ ප්‍රශ්න කතා කරන්න ලොකු අවකාශයක් නිර්මාණය වෙලා තිබුණා. ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,
"පසුගිය අවුරුද්දෙදි සමාජයේ ප්‍රශ්න කතා කරන්න ලොකු අවකාශයක් නිර්මාණය වෙලා තිබුණා"
පසුගිය වසරට සාපේක්ෂ ව දුෂ්කර වූ මෙවර පාගමන
ප්‍රසිද්ධියේ පැවති පසුගිය වසරේ පළමු Pride සැමරුම සංවිධානයට වඩා මෙවසරේ දී සංවිධාන කටයුතු සාපේක්ෂව තරමක් දුෂ්කර වූ බවත් පසන් පවසයි.
"පසුගිය අවුරුද්දෙදි සමාජයේ ප්‍රශ්න කතා කරන්න ලොකු අවකාශයක් නිර්මාණය වෙලා තිබුණා. නමුත් මේ වන විට අදහස් ප්‍රකාශ කිරීමට ලොකු බාධක යොදලා කියලා අපට පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මෙවර පාගමනට යම් පොලිස් ප්‍රහාරයක් හෝ එසේත් නැතිනම් ආණ්ඩු හිතවාදී විවිධ කණ්ඩායම් වල බාධා කිරීමට මුහුණ දෙන්න වේවිද කියන සැකයත් සමඟයි පාගමන සංවිධානය කරන්න සිදු වුණේ," ඔහු පවසයි.
LGBTQ ප්‍රජාව පසුගිය වසරේ කැපීපෙනෙන ලෙස තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූවද මීට පෙර අවස්ථා කිහිපයකදීම තම හඬ පුරවැසි අයිතිවාසිකම් දිනා ගැනීමේ සහ ප්රජාතන්ත්රවාදී මහජන අරගල වෙත ලබා දී ඇති බව හෙතෙම කියා සිටියේය.